Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

අල්ලස් නඩුවෙන් රෝහිත බෝගොල්ලාගම නිදහස්

Must read

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පනවා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (13) නියෝග කළාය.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිටිමින් එම ධූරය අයුතු ලෙස භාවිත කර බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවති හමුවකට සහභාගී වීමේදී සිදුවුණා යැයි කියන සිද්ධියට අදාළව අල්ලස් කොමිසම දූෂණය වගන්තිය යටතේ මෙම චෝදනාව ගොනු කර තිබිණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් 78 -1 වගන්තිය යටතේ අධ්‍යක්ෂකවරුන් තිදෙනාගේ අනුමැතියකින් තොරව මෙම නඩුව ගොනුකිරීම හේතුවෙන් මෙම චෝදනාවලින් චූදිතයා මෙලෙස නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article