Monday, May 13, 2024

අර්ජුනගේ ආරක්ෂක නිලධාරියාට ඇප

Must read

පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රය තුල ඇතිවූ ගැටුමට සැක පිට රිමාන්ඩ් බන්ධානාගාර ගතකල සිටි අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා අද නියෝග කලේය.

රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත සැකකාර පොලිස් සැරයන්වරයා නිදහස් කිරීමට නියෝග කල විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීමද ඔහුට තහනම් කලේය. එලෙසම මෙම සැකකාර පොලිස් සැරයන් වරයා විසින් යම් කිසි අවස්ථවක පරීක්ෂණ වලට බාධාවක් සිදුකරනු ලැබුවහොත් හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කරනු ලැබුවහොත් හෝ ඔහුගේ ඇප අවංගු කර නඩු විභාගය අවසන් වන තුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමටද මහාධිකරණ විනිසුරු නියෝග කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article