ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති එළිදැක්වීම අද (14) සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව අද දිනයේදී ජාතික ජන බලවේගයේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය එළිදැක්වීමට නියමිත අතර එම අවස්ථාව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. එමෙන්ම හෙට දිනයේදී (15) ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර එම අවස්ථාව කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වේ.
17 වනදා ජාතික පරිසර ප්රතිපත්තියත්, 18වනදා ප්‍රවාහන ප්රතිපත්තියත්, 20වනදා සංස්කෘතික ප්රතිපත්තියත්, 21වනදා ආර්ථික ප්රතිපත්තියත්,22වනදා කෘෂිකර්ම ප්‍රතිපත්තියක් එළි දැක්විමට නිියමිතය.