Friday, May 17, 2024

අතුරුදහන් කරනු ලැබූවන් ඉල්ලා මාරාන්තික උපවාසයක්| VIDEO

Must read

රජයේ ආරක්ෂක අංශ විසින් අතුරුදහන් කරනු ලැබුවන් පිළිබද තොරතුරු හෙළි කරන ලෙසත් සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ඉල්ලමින් වව්නියාවේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කරමින් දෙමළ ජන කණ්ඩායමක් තමන්ට කිසියම් හානියක් වුවහොත් එහි වගකීම ජනාධිපති, අගමැති හා විපක්ෂ නායක භාරගත යුතු බවට අනතුරු අඟවා තිබේ.

වව්නියාව දිස්ත්‍රික්කයේ අතුරුදහන්වුවන් පිළිබදව සොයා බැලීමේ සංගමයේ මෙහෙයවීමෙන් 23 සඳුදා පෙරවරුවේ එම මාරාන්තික උපවාසය ආරම්භ කළ බවයි වව්නියාව ගගන වාර්තාකරු පවසන්නේ.

වව්නියාව මුරුගන් කෝව්ලේ ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව A9 මාර්ගයේ වව්නියාව තැපැල් කාර්යාලය ඉදිරිපිටදී ආරම්භ කළ උපවාසය සදහා එක්ව සිටින වව්නියාව ප්‍රදේශයේ අතුරුදහන්වුවන්ගේ පවුල් වල ඥාතීන් පිරිසකි.

රජයේ ආරක්ෂක අංශ විසින් අතුරුදහන් කරනු ලැබුවන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන ලෙස ඉල්ලමින් 20 සිකුරාදා ඔවුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබේ.

ජනාධිපතිවරයා වෙත ඔවුන් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා රජයේ හමුදා සහ රජයේ අතුරු සන්නද්ධ කල්ලි විසින් තමන්ගේ ඥාතීන් පැහැරගත් බවට විශ්වසනීය සාක්ෂි තමන් සතුව ඇති බවයි.

කාගෙන්වත් යුක්තිය නෑ

තම ඥාතීන්ගේ පැහැරගැනීම් පිළිබදව ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා රජය විසින් පත්කළ විවිධ කොමිෂන්, දේශිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, ජනපති, අගමැති, විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයට දැනුම් දුන්නද මේ වන තෙක් යුක්තිය ඉටුවී නොමැති බවද එමගින් ඔවුන් අවධාරණය කර තිබේ.

 

 

අතුරුදහන්ව සිටින තම නෑ සියන් සොයා දෙන ලෙස අවිහිංසාවාදී ලෙසත්, බලපෑම් සහගත ලෙසත් රජයට අවස්ථා ගණනාවකදීම දැනුම් දුන්නත් තවමත් ඒ සම්බන්ධයෙන් විසඳුමක් නොමැති බව පවසන ඔවුන් අද දිනයේ රජයෙන් ප්‍රශ්න කර ඇත්තේ අතුරුදහන් ව සිටින තම නෑ සියන් ජීවතුන් අතර සිටීද නැද්ද යන්නයි.

වධකාගාර

ඔවුන් ජීවතුන් අතර සිටීනම් රදවා සිටින්නේ කුමන වධකාගාර වලද යනුවෙන් ප්‍රශ්න කරන උපවාසිකයන් ඉල්ලා සිටින්නේ ඔවුන් ජීවතුන් අතර නොමැතිනම් ඔවුන්ට සිදුවුයේ කුමක්ද සහ එය සිදු කළේ කවුරුන්ද යන්න රටට හෙලි කරන ලෙසයි.

යම් හෙයකින් අතුරුදහන්ව සිටින තම නැ සියන් ඝාතනය කළේ නම් ඔවුන් මිහිදන් කළේ කුමන ප්‍රදේශයකද යන්න රටට හෙළි කළ යුතු බවයි උපවාස කරුවන් වැඩි දුරටත් රජයට අවධාරණය කර සිටින්නේ.

යම් හෙයකින් කිසියම් ස්ථානයක ඔවුන් තවමත් ජීවත් වන්නේනම් ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය පවුලේ උදවිය සමග එකතු වී ජීවත් වීමට ඉඩ සලසා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින උපවාස කරුවන් දැඩිව රජයට අවධාරණය කර ඇත්තේ සිය ඉල්ලීම් වලට රජයෙන් පිළිතුරක් ලැබෙන තෙක් සිය මාරාන්තික උපවාසය නතර නොකරන බවයි.
උපවාසයේදී තමන් මියගියොත් එහි වගකීම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා බාර ගත යුතු බවයි උපවාසකරුවන්ගේ මතය වී ඇත්තේ.
http://www.radiogagana.com/

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article