Wednesday, September 2, 2026

අත්තිඩිය වනජීවී රෝහල විවෘතයි – කළු වඳුරාට විශේෂ ප්‍රතිකාර

Must read

බස්නාහිර වනජීවී කලාපයේ ආබාධිත වන සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකළ *අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ නව රෝහල් ගොඩනැගිල්ල සැප්තැම්බර් 02 වනදා විවෘත කෙරිණි.

විවෘත කිරීමත් සමඟ අත්තිඩිය අභයභූමියේදී මහා සංඝරත්නය උදෙසා දානමය පිංකමක් ද පැවැත්විණි.

ලොවින් ම වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින *කළු වඳුරාගේ උප විශේෂයට* ප්‍රතිකාර කරන ප්‍රධාන රෝහලක් ලෙස මෙම රෝහල කටයුතු කරයි.

වර්තමාන රජය විසින් *රු. මිලියන 17*ක මුදලක් වැය කර වසරක් ඇතුළත මෙම ගොඩනැගිල්ලේ සංවර්ධන කටයුතු කඩිනමින් නිම කර ඇත.

අත්තිඩිය අඩවි ආරක්ෂක කාර්යාලය සහ වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් බස්නාහිර වනජීවී කලාපයේ අවශ්‍ය කටයුතු සඳහා මැදිහත් වෙයි.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ විවිධ ආබාධවලට ලක්වන වන සතුන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර කටයුතු තවදුරටත් පුළුල් කිරීමයි.

මේ වන විට මෙහි *වඳුරන්, ගෝණුන්, තිත් මුවන්, හඳුන් දිවියන්, බකමූණන්* ඇතුළු වන සතුන් විශාල ප්‍රමාණයක් ප්‍රතිකාර ලබයි. සුව වූ වන සතුන් විශාල ප්‍රමාණයක් ඔවුන්ට සුදුසු පරිසරය වෙත මුදා හැරීමට ද කටයුතු කර ඇත.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එල්.ආර්.පී. මාරසිංහ මහතා ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

නව රෝහල් ගොඩනැගිල්ල විවෘත වීමත් සමඟ තුවාල ලැබූ සහ අනාථ වන සතුන් බේරා ගැනීමේ කටයුතු තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

මුලාශ්‍රය -Department of wildlife conservation Sri Lanka

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article