අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) කොළඹ ජාත්‍යන්තර මූල්‍යනගරයේ නීරීක්ෂණ චාරිකාවක නිරත විය. එම අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගීව සිටියහ.
