Monday, April 29, 2024

අගමැති මාධ්‍ය ලොක්කාගේ කැරට්ටුව හෙළිකලැයි මාධ්‍යවේදියකුට තර්ජන

Must read

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සමාජ ජාල ප්‍රධානී තුෂාර ඩී. වන්නිආරච්චි මහතා ලේක් හවුස් මාධ්‍යවේදී හා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජික විමුක්ති දුෂන්තට දුරකථනයෙන් තර්ජනය කර තිබේ.
“අගමැති මාධ්‍ය ඒකකයේ ලොක්කෙක් සූර් වී නාඩගමක් නටලා විස්තර බලාපොරොත්තු වන්න“ යනුවෙන් ඔහු සිය ෆේස්බුක් පිටුවේ පලකර තිබූ සටහනකට උරණව ඔහු මෙසේ බැණවැදී ඇතැයි වාර්තා වේ. (අදාළ සටහන පහත දැක්වේ.)
තු1
තු2
එම සිද්ධිය වූයේ තමාට බවත්, එහි විස්තර මෙන්ම තමාවද විමුක්ති නොදන්නා බවත්, තමා අරක්කු පානය නොකරන බවත් කියමින් තුෂාර පවසා ඇත්තේ කිසියම් ප්‍රවෘත්තියක් මේ සම්බන්ධයෙන් පළකළ හොත් විමුක්තිට සිතාගත නොහැකි ආකාරයට තමා සමඟ හැප්පෙන්නට සිදුවන බවයි.
කිසියම් ප්‍රවෘතියක් පළකළ හොත් තමාගෙන් පාඩමක් ඉගෙනගන්නා බවත් තුෂාර කියා සිටී.
තුෂාර හා විමුක්තිගේ දුරකථන සංවාදය පහත දැක්වේ.

මේ සම්බන්ධයෙන් අප විමුක්තිගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමාට අමැති මාධ්‍ය ලොක්කා කළ තර්ජනය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කරණ බවයි.
තුෂාර ඩී. වන්නිආරච්චි ද අප දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට ඔහුගේ ජංගම දුරකථන අංක දෙකකට ඇමතුම් ලබාගත් අතර එක් දුරකථන අංකයක් නාදවී විසන්ධිවී ගිය අතර අනෙක් දුරකථන අංකයට ඇමතුමක් ගත්විය එය ක්‍රියා විරහිත කර තිබිණි.
ශ්‍රී ලංකා මිරර් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී, තුෂාර මහතා පසුගිය දිනක වෝටර්ස් එජ් හෝටලයේ පැවැති සාදයකදී මුස්ලිම් අමාත්‍යවරයකුගේ මාධ්‍ය ලේකම්වරයකු සමඟ යම් ආරවුලක් ඇතිකරගෙන ඇති බවටද තොරතුරු අනාවරණය විය.
ඒ අවස්ථාවේ එහි රජයේ අමාත්‍යවරුන් ඇතුළු ප්‍රභූන්ද සිට ඇති බවද වාර්තා වේ.
අගමැතිට අබ සරණයි ! 
 index
මේ සම්බන්ධයෙන් අප වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතාගෙන් ද අප විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මේ සිද්ධිය තරයේ හෙළා දකින බවයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සිය ධූරය අහිමිවීමට වෙබ් මාධ්‍ය හරහා සිදුකරන ලද විශාල විවේචන හේතුවූ බව ඒ මහතා සිය පරාජයෙන් පසුව ප්‍රසිද්ධියේ පිළිගත් බවත්, අගමැතිවරයාගේ සාමාජ ජාල මාධ්‍ය ප්‍රධානියා මේ අකාරයෙන් හැසිරිමී අගමැතිවරයාගේ කීර්ති නාමයටද කැලලක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
එසේම, ප්‍රවෘති පල කිරීමට එපා යැයි තර්ජනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද කී ඒ මහතා පසුගිය රජය සමයේ වෙබ් මාධ්‍යවේදීන්ට මීට වඩා තර්ජන පැමිණි බවත් ඒවා හසුරුවාගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් දන්නා බවද ගමගේ මහතා කීය.
ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදි වැඩිදුරටත් හෙළිකරගත හැකිවූයේ ඉකුත් රාජපක්ෂ සමය නිමාවන්නට ටික දිනකට පෙර ලංකාවට නවසීලන්තයේ සිට ලංකාවට පැමිණ ඇති වන්නිආරච්චි මහතා ඉන් පසුව අදාල තනතුරට පත්කර ඇති බවයි.
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article