Friday, November 22, 2024

ෆයිසර් මුස්තාපා එළඹෙන නැගෙනහිර පළාත් සභා ඡන්දයේදී මහඇමතිධූරයට?

Must read

හිටපු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (එස්එල්එෆ්පී) නියෝජ්‍ය නායක ෆයිසර් මුස්තාපා  මහතා  ඊයේ  (08) වනදා  සයින්දමරුතු ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක දී  , අම්පාරා දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුස්ලිම් ප්‍රාදේශීය සංවිධායකයින් හමුවී වත්මන් දේශපාලන තත්ත්වය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.  එහිදී ඔහු   කියා සිටියේ එළඹෙන පළාත් සභාවේදී නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂකයා ලෙස මාව තෝරා ගැනීමට පක්ෂය තීරණය කරන බවයි. මැතිවරණ සහ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම ගැන ද මෙහිදි සාකච්ඡා විය.

නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා වූ සාකච්ඡාවේදී, සමහර සංවිධායකයින් විසින් එළඹෙන නැගෙනහිර පළාත් මැතිවරණයේදී මහඇමති ධුරයට පත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එසේ කිරීමෙන් ඔහුට මුස්ලිම් ප්‍රදේශවල සංවර්ධනය දායක විය හැකි බවට  රැස්ව සිටි අයගේ අදහස විය.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article