Monday, May 20, 2024

අධික පෑවිල්ලට අම්පාරේ කොමඩු, පිපිඤා අළෙවිය ජයටම

Must read

 

අම්පාර දිස්ත්‍රික්කයේ පවතින වියළි කාලගුණය හේතුවෙන් පිපිඥා,කොමඩු  ඇතුළු පලතුරු වෙරළබඩ ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවල අලෙවි කිරීම සුලබ දසුනකි. විශේෂයෙන්ම සමන්තුරෙයි-අම්පාර ප්‍රධාන මාර්ගයේ, කල්මුනායි-අක්කරයිපත්තු, ප්‍රධාන මාර්ගවල, බයිසිකල්, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ වෙළඳුන් වෙත මේ ආකාරයට පිපිඤා ගෙනැවිත් විකුණනු ලැබේ.

දිස්ත්‍රික්කයේ පවතින නියඟය හේතුවෙන් ඇති වන ශරීර උණුසුම වළක්වා ගැනීම සඳහා පිපිඤා ඇතුළු අනෙකුත් පලතුරු ආහාරයට ගැනීමට ජනතාව වැඩි වැඩියෙන් නැඹුරු වෙති.

මේ අනුව, පිටතින් අම්පාරා දිස්ත්‍රික්කයට පැමිණෙන පලතුරු වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා කල්මුණෙයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. සුකුනන්ගේ මඟ පෙන්වීම යටතේ සෞඛ්‍ය පරීක්ෂකවරු දිනපතා පරීක්ෂාවන් සිදු කරති.

මේ හැරුණු විට වර්තමානයේ අධික උෂ්ණත්වය හේතුවෙන් ඇම්පාරා දිස්ත්‍රික්කයේ පිපිඤා සඳහා ඉහළ ඉල්ලුමක් පවතී
පිපිඤා ප්‍රමාණය අනුව කිලෝව රුපියල් 150 සිට 350 දක්වා මිලකට අලෙවි කෙරේ.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article