මෙම සම්බන්දයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කර ඇත්තේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමඟ අද(25) පැවති සාකච්ඡාවෙන් අනතුරුව වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කල බවයි. ජනාධිපතිතුමන් සමග පැවැති මෙම සාකච්ඡාවේදී අදාල පත්වීම් තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා එකඟවූ බවද මහින්ද ජයසිංහ මහතා පවසයි. එලෙසම මාසයක කාලයක් ඇතුළත ස්වාධීන කමිටුවක් මඟින් එම පත්වීම් පිළිබඳ නැවත විමර්ශනය කිරීමට එම රැස්වීමේදී තීරණය වූ බවද ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.