Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

හැන්සාඩ් නිලධාරියා රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර

Must read

ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා මාස තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සදහා කුරුණෑගල පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමකට ඊයේ(20) ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසරය හිමිව තිබේ.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිනොවූ වැදගත් තොරතුරු රැසක්ම ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදි ඉදිරියේදීඅනාවරණය කරගත හැකිවනු ඇති බවයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article