Friday, September 20, 2024

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මරුට

Must read

පොලීසිය සිදුකල වෙඩි තැබීමකින් ගල්කිස්ස-සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මිය ගොස් තිබේ.

මිනුවන්ගොඩ, බල්ලපාන දූනගහ ප්‍රදේශයේ මෙම සැකකරු සැඟව සිටින බවට පෑලියගොඩ අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත අද (07) අළුයම 00.03ට පමණ ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විසින් පොලීසිය වෙඩි තබා ඇති බවත් එහිදී පොලීසිය සිදුකළ ප්‍රතිප්‍රහාරවල දී සැකකරු තුවාල ලබා ඇති බවත් පසුව සැකකරු දිවුලපිටිය රෝහලට ඇතුලත්ක කර ඇති අතර එහිදි ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි.

මෘත ශරීරය දිවුලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන එකකය වැඩිදුර විමර්ශන සිදු කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කිරීමට නියමිත අතර මහේස්ත්‍රාත් පරීක්ෂණ සහ ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article