Monday, January 13, 2025

ස්විස් නිළධාරිණිය අත්අඩංගුවට ගන්නැයි නීතිපති කියයි !

Must read

පැහැරගැනීමට ලක් වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.ඒ අදළා කාන්තාව රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් අසත්‍ය තොරුතුරු ඉදිරිපත් කිරීමේ චෝදනාවට බවද සදහන්ය.
මේ අතර ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගත් බවට වාර්තා වන සිදුවීම සිදුනොවූ දෙයක් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පවසා තිබේ.

ඒ අද (16දා) ජනපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය ප්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හා පැවැති හමුවකදීය

මෙවැනි ආකාරයක සිදුවීමක් සිදුව නොමැති බවට පරීක්ෂණයෙන් ඔප්පු වී ඇති බවත් සී.සී.ටී.වී. දර්ශන හා දුරකතන දත්ත විශ්ලේෂණය කළ විට එවැනි සිදුවීමක් සිදුව නොමැති බවට පැහැදිලි බවත් ඔහු සඳහන් කර ඇතැයි ada.lk වෙබ් අඩවිය සදහන් කර තිබේ.

” තානාපති කාර්යාලයෙන් වගකීමක් තිබුණා සේවයෙකු පහැර ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලන්න. අගමැතිතුමා පරීක්ෂණය දුන්නා. තාම පරීක්ෂණය යනවා. මේ සඳහා සේවිකාවගේ සහාය අවශ්‍යයි.

ස්විස් තානාපති කාර්යාලය ගැන ගැන කිසිම සැකයක් නෑ. මෙකේ වින්දිතයා සේවිකාව නෙමෙයි මමයි.” යැයි ඔහු පැවැසු බවද එම වෙබ් අඩවිය විසින් වාර්ථා කොට තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article