ශ්රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා පත්කර ඇත.
ඔහු අද (31) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගනු ලැබීය.ඒ අනුව රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා 2019 ජනවාරි පළමු වැනිදා සිට නව නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.