Wednesday, November 6, 2024

විසඳුම් දෙන බවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද දුන් පොරොන්දුව මත මුලතිව් ධීවරයින් විරෝධතාවය අත්හරියි

Must read

 

 

මුලතිව්  දිස්ත්‍රික්කයට අදාළ මුහුදු සීමාව තුළ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාකරුවන්ගේ අනවසර ධීවර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස රජයට බලකරමින්  ධීවරයින් විසින් මුලතිව් දිස්ත්‍රික් මහලේකම් කාර්යාලය ඉදිරිපිටදී   පසුගිය 15 වනදා  විරෝධතාවයක් ආරම්භ කරන ලදි. මෙම විරෝධතාවය දින 05ක් පුරා නොකඩාම සිදුකෙරුණ අතර ධීවර සංවිධාන හා ධීවර ක්‍රියාකාරින් මෙම අරගලයට සහය දැක්වූහ.

විරෝධතාවයේ 05 වනදිනය වන අද (20)  උදේ මෙම ධීවරයින් හමුවිමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ වවුනියා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. දිලිපන් යන මහත්වරු පැමිනියහ.එහිදී ධීවරයින් විසින් ඉදිරිපත්කළ  ප්‍රශ්න හමුවේ පිලිතුරු දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම තත්වය පාලනය කිරීමට පියවර ගන්නා බවත්, ඉන්දීය ධීවර බෝට්ටුව වෙරළට ගෙනැවිත් අදාළ බලධාරීන්ට භාර දීමට නාවික හමුදාව නිසි පියවර නොගතහොත් තමන් ඒ වෙනුවෙන් ක්‍රියාමාරගයක් ගන්නා  බවයි.  මුලතිව්වි ධීවරයින්ගේ ප්‍රශ්න වලට විසදුම් ලබාදෙන බවට සහතික වූ අමාත්‍ය දේවානන්ද මහතා කියා සිටියේ  රජය මෙයට විසඳුමක් ලබානොදුනහොත් තමන්  ඉල්ලා අස්වීමට වුව සූදානම් බවයි.
අමාත්‍යවරයාගේ සහ ධීවරයින් අතර සාකච්ඡාව අවසන් වීමෙන් පසුව ධීවර සංවිධානවල නියෝජිතයින් එක්ව ඔහුගේ මතයට ගරු කරමින් කියා සිටියේ තම අරගලය අත්හිටුවන බවත් අනාගතයේ දී මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් දිගටම පැවතුනහොත් නැවත සටනට පිවිසෙන බවත්ය.
නීතිවිරෝධී ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා  වලට උතුරු මුහුදේ රැඳීමට ඉඩදීම  සහ දකුනේ ධීවරයින්ගේ  නීතිවිරෝධී   ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවරයින් විශාල ලෙස අපහසුතාවයට පත්ව තිබේ. ඔවුන්ගේ  ජීවනෝපායට  සෘජුවම බලපෑ ඇති මෙම නිතිවිරෝධී ක්‍රියා නැවැත්වීමට රජයේ මැදැහ්වීම ප්‍රමාණවත් නොවන බැවින්  ඔවුන් උද්ඝෝෂනයක් සහ විරෝධතාවයක් ආරම්භ කළේය.


ෂන්මුගම් තවසීලන්

 

සබැඳි පුවත්

http://citizenpostlk.com/2020/12/15/%e0%b6%8b%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%af%e0%b7%9a-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%b0/

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article