Friday, September 20, 2024

වැලිකන්දෙන්-හබරාදූවෙන්-රාජාංගනයෙන් හා ලංකාපුරයෙන් ආසාදිතයින් හමුවේ

Must read

තවත් කොවිඩ්-19 ආසාදිතයින් පස් දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ් අතරින් දෙදෙනෙකු වැලිකන්ද ප්‍රදේශයෙනුත්, අනෙක් තිදෙනා හබරාදූව, රාජාංගනය, හා ලංකාපුර යන ප්‍රදේශවලිනුත් වාර්තා වී ඇත.

හබරාදූව ප්‍රදේශයෙන් අද (11) හඳුනාගත් ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු වශයෙන් සේවය කළ 35 හැවිරිදි අයෙකි.

ඒම පුද්ගලයා ඉකුත් පළමුවැනි දා නිවාඩු ලබා පැමිණ තිබෙන අතර ඔහු ගාල්ල හා හබරාදූව නගරවල ස්ථාන කිහිපයකම සංචාරය කර ඇති බව වාර්තා වේ.

අද දිනයේ තවත් නව ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වූ අතර ඉන් සිව්දෙනෙකු එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සිටත් තවත් අයෙකු කුවේට්හි සිටත් පැමිණි අය වේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 2464 ක් වන අතර ඉන් 1980 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

මේ අතර පළමුවරට පාසල් දරුවෙකුට කොරෝනා වැළඳීමේ පුවතක් රාජාංගනය යාය 05 ප්‍රදේශයෙන් අද (11) වාර්තා විය.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ, අදාළ ප්‍රදේශයේ පාසල් ළමුන් 70 දෙනෙකු ඇතුළු ගම්වාසීන් 300ක් නිරෝධායනයට යොමු කර ඇති බවය.

කොවිඩ් වැළඳි පාසල් සිසුවා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු වශයෙන් සේවය කළ හමුදා නිලධාරීවරයෙකුගේ දරුවෙකි.

එම පවුලේ අනෙක් දරුවාට ද කොවිඩ් ආසාදනය වී තිබේ.

අදාළ උපදේශකවරයා ඉකුත් ජුලි 01 වැනි දා කන්දකාඩු වෙත ගොස් ජුලි 02 වැනි දා යළි රාජාංගනය වෙත පැමිණීමෙන් පසු ඥාතියෙකුගේ අවමංගල්‍ය උත්සවයක් සඳහා ද සහභාගි වී තිබුණි.

11 හැවිරිදි ඔහුගේ පුත්‍රයා උපකාරක පංති කිහිපයක් සඳහා සහභාගි වී තිබූ අතර අධ්‍යයන කටයුතු සඳහා පාසලට ද ගොස් තිබුණි.

අදාළ ආසාදිතයා වාර්තා වීමත් සමග රාජාංගනය ප්‍රාදේශීය සභාව මගින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් අතර ප්‍රදේශයේ වෙළෙඳසැල්ද වසා දමා ඇත.

මේ වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට පැමිණි ඥාතීන් 116 දෙනෙකු පවුල්වලට අයත් 441 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

මේ අතර නව කොරෝනා වෛරසයේ ‍සැකසහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා ඊයේ මුන්දලම දිසා රෝහලට ඇතුලත් කළ 22 හැවිරිදි තරුණයෙකු හලාවත රෝහලට මාරු කර යැවීමේ දී මියගොස් තිබුණි.

අධික උණ තත්ත්වයකින් ඔහු පෙළී තිබීම හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ඊයේ පියවර ගත් අතර මුන්දලම දිසා රෝහලේ කාර්ය මණ්ඩලයට ඉන් පිටය යාමද තාවකාලිකව තහනම් කෙරුණි.

කෙසේවෙතත් මියගිය තරුණයාගේ PCR පරීක්ෂණ වාර්තාව අද ලැබුණු අතර ඔහුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

(Adaderana)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article