Thursday, December 26, 2024

වාකරේ ප්‍රදේශයේ පිටස්තර ජනයා පදිංචි කරවීමට දැරූ උත්සාහයක් වරදියි

Must read

මඩකලපුව වාකරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරාමුණේ ප්‍රදේශවාසීන් විසින් ඊයේ (21) රජය විසින් සිදුකරන්නට යන ජනතාව නැවත පදිංචි කිරීමට විරෝධය පළකරන ලදී.

1982 ට පෙර පූනේහි වන සංරක්ෂණ කලාප වල ,වාකරේ, මාංකේනි , කරමුණේ ප්‍රදේශ වල ජීවත් වූවා යැයි කියන සිංහල පිරිසකගේ ඉඩම් ගැටළු විසඳීමට ජංගම සේවාවක් ඊයේ (21) පවත්වන ලදී. මෙම ජංගම සේවාව මෙහෙයවන ලද්දේ මධ්‍යම ඉඩම් කොමසාරිස් ජී. කීර්තිගමගේ සහ නැගෙනහිර පළාත් සහකාර ඉඩම් කොමසාරිස් ජී. රවිරාජන් යන මහත්වරුන් විසිනි. ‌පිිටපළාත් වලින් පැමිණි විශාල ජනතාවක් ඒම ස්ථානයේ සිටිනු ලදී. මෙහිදී මෙම ක්‍රියාමාර්ගය නවත්වන ලෙස දීර්ඝ සංවාදයක් පා.මන්ත්‍රී රාසමාණික්කම් විසින් ඉඩම් කොමසාරිස්වරයා සමග සිදුකරන ලදී. අවසානයේදී ඒම ප්‍රදේශයේ දැනට ජීවත්වී සිටින දෙමළ,මුස්ලිම් ජනතාව හා මඩකලපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සානෙක්කියාන් රාසමාණික්කම් මහතා සහ තවත් ප්‍රාදේශීය දේශපාලකයන් පිරිසක් ඒක්ව විරෝධතාවයක නිරත විය.



ඉඩම් ලබාගැනීමට පිට පළාත්වල සිට පැමිණි ජනතාව 1976 දී මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ඔවුන්ට ගොවිතැන සඳහා ඉඩම් අක්කර 5 ක් ද පවුලක් සඳහා අක්කර 1 ක ඉඩමක් ද ලබා දී තිබූ බවත් කියා සිටි අතර ඉඩම් දෙපාර්තමේන්තුවේ ආරාධනයෙන් ඔවුන් පැමිණි බවත් පවසන ලදී. ඔවුන් පැවසුවේ තම ඉඩම් වෙනත් පුද්ගලයින් විසින් නඩත්තු කරන්නේ නම් ඒ වෙනුවට විකල්ප ඉඩම් ලබා දෙන බවයි. ඊයේ පැවති ජංගම සේවාවේදී ඒහිදී 1982 ට පෙර එම ප්‍රදේශයේ පදිංචි වී සිටි බව වාර්තා වූ පිට පළාත්වල වෙසෙන සිංහල ජනතාවගේ ලිපි ලේඛන පරීක්‍ෂා කළ අතර ඔවුන් සඳහා ඉඩම් හඳුනාගෙන ලබා දීමට මෙම පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ ජීවත්වූ බවට කිසිදු ලියවිල්ලක් ඔවුන් සතුව නොතීබූ අතර (උප්පැන්න සහතික,ඡන්ද නාමලේඛන,ඔප්පු පිටපත්) ඔවුන් සතුව තිබුනේ රජය විසින් ඉඩම් ලබාගැනීමට ලබාදුන් අවසර පත්‍රයක් පමණී.
එම ස්ථානයට විශාල පොලිස් කණ්ඩායමක් කැඳවා තිබූ අතර ආරක්ෂාව තර කර තිබුණි.

‌‌





රුද්‍රා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article