ඊයේ දිනයේදී විදුලි බල හා පුනර්ජනනීය අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවැත්වූ සාක්ච්ඡාවන් වලදී එකගවූ කරුණු අද දිනයේදී ඉටු නොවුන හොත් වෘතීය සමිති ක්‍රියාමාර්ගයක් වෙත යොමුවීමට සිදුවන බව ලංකා විදුලි බලමණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
විවිධ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අමාත්‍යංශයේ නිලධාරීන් සමග සකච්ඡා කල බවත් එම ඉල්ලීම් අමාත්‍යවරයා සමග සාක්ච්ඡා කිරීමෙන් අනතුරුව එම ඉල්ලීම් ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ අධ්‍යක්ෂක සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කරයි.