ඊයේ (05)සිය රාමසාන් උපවාස සමය අවසන් කල ආණමඩුව සංඝට්ටිකුලම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සිය දේවස්ථානය ඉදිරිපිටට රැස්වී ISIS විරෝධය දක්වමින් උද්ඝෝෂණයක් පැවැත්වීය.
එහිදී ඔවුන් සදහන් කර සිටියේ මුස්ලිම් ජනතාව ISIS නොවන බවත් ශ්‍රිලාංකික සහෝදැයන් වන බවත්ය.
පැයකට ආසන්න කාලයක් පැවැති මෙම විරෝධතාවයෙන් අනතුරුව ආණමඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි වඩත්ත සෝමානන්ද හිමියන් වඩමවා ධර්ම දේශනාවක්ද පවත්වා අෂ්ඨ පරිශ්රකාර පිළිගැන්විමද සිදුකෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ මුස්ලිම් දේවස්ථානයේ මොහොමඩ් අසිස් මව්ලවි තුමන් පවසා සිටියේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මුස්ලිම් ජනතාව දැඩි කම්පනයට පත්වූ බවයි.එලෙසම එම ප්රහාරයන් හේතුවෙන් තමන් දෙස වපර ඇසින් බලන බවත් නමුත් මුස්ලිම් ජනතාව අදත් හෙටත් ත්රස්තවාදයට විරුද්ධ බවත් ඔහු එහිදී සදහන් කර ඇත.
(ඡයාරූප – ada.lk)