Thursday, December 26, 2024

රට වහන්න යැයි ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ මහ පාරට…

Must read

රට විද්‍යානුකූල පදනමකින් වසා දැමීමට කටයුතු කරන ලෙස බල කරමින් සෞඛ්‍ය කාර්යමණ්ඩල අද (18 වැනිදා) දහවල් තෝරාගත් රෝහල් ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේවනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොවිඩ් මරණ හතරක් වාර්තා වී ඇති බවත්, හෙද නිලධාරීන් දහසකට පමණ සහ සෞඛ්‍ය සේවකයන් පන්දහසකට පමණ කොවිඩ් ආසාදිත වී ඇති බව ද රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
එම නිසා ඔවුන් රජයට බල කර සිටින්නේ සතියක කාලයකට රට වසා දමන ලෙසයි. ඒ වගේම අත්‍යවශ්‍ය නොවන රෝගීන් රෝහල්වලට ඇතුළු කිරීම නතරකර රෝහල්වල ඇඳන් දසදහසක් වෙන්කර තබන ලෙසද ඔවුහු යෝජනා කරයි.

තවද ඇඳන් ලක්ෂයක ධාරිතාවය ලැබෙන ලෙස විවෘත බාහිර ප්‍රතිකාර මධ්‍යස්ථාන හමුදාව මගින් පෞද්ගලික අංශයේද සහයෝගය ඇතිව ගොඩනැගීම මෙන්ම සතියකට සරිලන ලෙස පී.සී.ආර්. කට්ටල ලක්ෂ හතක් පමණ සූදානම් කර දිනකට පී.සී.ආර්. ලක්ෂයක් සිදුකිරීමට කටයුතු කරන ලෙසද ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
කොරෝනා හේතුවෙන් වැඩිම පිඩාවටත් අවදානමකටත් ලක්ව ඇති සෞඛ්‍ය කාර්යමණ්ඩල සේවක සේවිකාවන්ට රට වසාදමන්න යැයි ඉල්ලා මහපාරට පැමිණිමට සිදුවිම තුලින්ද කියැවෙන්නෙ රටේ පාලකයන් අවදානම් සේවාවන්වල නිරත ජනයා ගැන දක්වන සැලකිලේ ප්‍රමාණය යැයි වෘත්තිය සමිති නායකයෙකු සිටිසන්පොස්ට් අමතා අවධාරණය කර සිටියේය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article