යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ ගල්කිරියාගම වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී මත්පැන් පෙරීමට යොදාගන්නා බැරලයක් ඇතුළු උපකරණ තොගයක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.
සැකකරු සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කිරීමට නියමිත බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.




