Thursday, November 19, 2026
spot_img
spot_img
spot_img
spot_img

යුද්ධ හමුදාව විසින් සංවිධානය කළ මින්නේරියේ සුභසාධක කදවුර…

Must read

 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන 11 වන සුභසාධක කදවුර සහ වෛද්‍ය සායනය 18 වෙනිදා මින්නේරියේදී පැවැත්විණි.

යුද්ධ හමුදාධිපතිගේ මඟපෙන්වීම යටතේ, යුද්ධ හමුදා රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සමඟ එක්ව ආබාධිත, විශ්‍රාමික සහ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන කඳවුරු මාලාවේ 11 වැනි අදියර 2026 නොවැම්බර් මස 18 වන දින මින්නේරිය, 7 වන කාලතුවක්කු රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පදිංචි යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම කෙරෙහි මෙම වැඩසටහනේදී විශේෂ අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න සහභාගී විය.

මෙම වැඩසටහනට සාමාන්‍ය වෛද්‍ය උපදේශන, කෘත්‍රිම අවයව නඩත්තු සේවා, චර්ම රෝග සහ දන්ත සායන, අක්ෂි සායනයක් සහ පෝෂණ මාර්ගෝපදේශ වෛද්‍ය කඳවුරක් ඇතුළත් විය.

වෛද්‍ය හේතු මත සේවයෙන් විශ්‍රාම ගැන්වූ විශ්‍රාමික සාමාජිකයන් සහ රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයන් විශාල පිරිසකට මෙම වැඩසටහන මඟින් ප්‍රතිලාභ හිමිවිය.

මනම්පිටිය නිමල් ජයරත්න

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article