Tuesday, December 3, 2024

යුද්ධයෙන් බැට කෑ රණමඩු ගම්මානයේ ජනයා තවමත් දුක් ගින්දරේ

Must read

මඩකලපුව දිස්ත්‍රික්කයේ බෝරතිවුපත්තුවට  අයත් රණමඩු ග්‍රාම සේවා බල ප්‍රදේශයට අයත් 25 වන ගම්මානයේ  දෙමළ පවුල් 20ක් සහ සිංහල පවුල් 42ක් එහි ජීවත් වෙති. පසුගිය යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ මෙම ගම්මානය එතැන් සිට දියුණුවකට පැමිණ නැති බව ගම්වාසීහු පවසති.

යුද්ධය පැවති කාලයේ බොහෝ වාරයක් අවතැන් වී ගම්වල නැවත පදිංචි කළ ද එහි ජනතාවට සෞඛ්‍ය පහසුකම්. ප්‍රවාහන පහසුකම්, මාර්ග ප්‍රතිසංස්කරණය, වන අලි, පිරිසුදු පානීය ජලය, තැපැල් පහසුකම් යනාදිය ඇතුළු දුප්පත් තත්ත්වයන් යටතේ  ජීවත් වේ.

25 ගම්මානයේ සහෝදර දෙමළ ජනතාව දැඩි අපහසුතාවකින් ජීවත් වන බව අපි හොඳින් නිරීක්ෂණය කරනවා. එම ජනතාව අතර අඩු වයසින් විවාහ වීම, නිසි අධ්‍යාපනයක් නොමැතිකම, සෞඛ්‍ය හිඟකම, පානීය ජලය නොමැතිකම ඇතුළු බොහෝ අවශ්‍යතා විඳදරා ගනිමින් සිටිති. ඒ මිනිස්සුන්ට උදව් කරන්න කවුරු හරි ඉදිරිපත් වෙන්න කියලා මම ඒ ගමේම සිංහල මිනිස්සුන්ගෙන් ඇහුවම එයාලත් උදව් කරන්න බයයි.

එස්.ශක්තිවේල්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article