පකිස්තානයේ පැවති අවසන් බොක්සිං තරගයේ රන් පදක්කම දිනා ගැනීමට මුලතිව් ක්‍රීඩිකා ගනේස් ඉන්දුකාදේවි සමත් විය
මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කරිපට්ටමුරිප්පු පුතියනගර් ගම්මානයේ තම පියා අහිමිව මවගේ රැකවරණයේ ජීවත් වූ ගනේෂ් ඉන්දුකාදේවි පාකිස්ථානයේ පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවලියකට සහභාගී වීම සඳහා පකිස්ථානයට ගොස් තිබෙනවා. එහිදී ඊයේ (18) පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැති අවුරුදු 25න් පහළ කිලෝග්‍රෑම් 50 – 55 බොක්සිං තරගයේ රන් පදක්කම දිනා ගනිමින් මුලතිව් දිස්ත්‍රික්කයට සහ රටට අභිමානයක් ගෙන ඒම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගේ පැසසුමට ලක්ව තිබේ.
ෂන්මුගම් තවසීලන්