Monday, September 14, 2026
spot_img

මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පොංගල් සමරයි

Must read



දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තෛපුසම් පොංගල් උත්සවය සාම්ප්‍රදායික ක්‍රමයට පැවැත්වෙයි!

සේවක සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලද සංස්කෘතික කටයුතු සහ ග්‍රාම පරිපාලන ශාඛාවේ සම්බන්ධීකරණයෙන් තෛපුසම් පොංගල් උත්සවය මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (18) පෙරවරු 8.30 ට සම්ප්‍රදායිකව පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දිස්ත්‍රික් දිසාපති කේ.විමලනාදන් මහතා සහභාගී විය.

කාර්යාල කාර්ය මණ්ඩලය විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට තැන්පත් කර තිබූ නැකත වේවැල්, අඹ, පොලු, කෙසෙල් ආදියෙන් සරසා තිබුණි.
තූර්ය වාදනයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට තෛපුසම් පෙරහැර සම්ප්‍රදායික පිළිවෙතින් පොංගල් මුට්ටිය තැන්පත් කිරීමෙන් අනතුරුව පොංගල් මුට්ටිය සාදා පූජාව ඉතා බැතිබරව සිදු කෙරිණි.

මෙම අවස්ථාවට අතිරේක දිසාපතිවරු, නිලධාරීහු, ශාඛා ප්‍රධානීන් සහ නිලධාරීහු සහභාගි වූහ.

ෂන්මුගම් තවසීලන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article