Thursday, May 2, 2024

උතුචේන වනයේ මී පැණි සොයා ගිය කාසිපිල්ලේට වන අලියෙකු පහරදෙයි

Must read



මඩකලපුව ප්‍රදේශයේ ගම්මානවල උතුචේන වනාන්තරයෙන් මී පැණි ගෙන ඒමට පසුගිය ඉරිදා පිටත්වූ වයෝවෘද්ධ පුද්ගලයකු අතුරුදහන්වී තිබුණ අතර පසුව ඔහුව වන අලියකු පහරදීමෙන් තුවාල ලබා ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන වැලිකන්ද රෝහලට සඳුදා (17) ඇතුළත් කර ඇත.

එම ප්‍රදේශයේම පදිංචි 64 හැවිරිදි කාසිපිල්ලේ චන්ද්‍රසේකරම් නැමැත්තා සුපුරුදු පරිදි 16 වනදා උදෑසන වනයෙන් මී පැණි රැගෙන ඒම සඳහා වනයට ගිය නමුත් නිවසට පැමිණ නැත.

උතුචේන ග්‍රාම සංවර්ධන සංගමයේ නායක මොහාන් මහතා පැවසුවේ මහජනතාව විසින් ඔහුව කැලයෙන් ගොඩගෙන වැලිකන්ද රෝහලට ඇතුළත් කළ බවයි.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article