Tuesday, January 7, 2025

මිනිස්සු කියවන්නේ නැති වෙබ් අඩවි වලට මොකටද ලියාපදිංචි සහතික ?

Must read

web logo new

වෙබ් අඩවි ලියාපදිංචිය ගැන ලිපි කිපයක් එහා මෙහා යමින් තිබේ.
ඒවාට පදනම් වන දෙපිරිසක් වේ.
එනම් තමන් කරගෙන යනු ලබන වෙබ් වැඩිදෙනෙක් කියවන්නේ නැති නිසා ඔහේ එකතැන පල්වෙන වෙබ් අඩවි කරගෙන යන අය මින් එක් පිරිසකි.
අනික් පිරිස වන්නේ 3000 ක පමණ පිටපත් ප්‍රමාණයක් රටපුරා අලෙවි වන පත්තරයකට සම්බන්ධ ගවේෂන මාධ්‍යකලාවට කප් ගැසුවෙක් යැයි කියන අයෙකි.
කනගාටුවට කරුණ වන්නේ නුතන සමාජය ඇසුරකරමින් වෙබ් මාධ්‍ය කලාව පැය 24 න් 20 ක්ම පරිශිලනය කරනු ලබන ඇතැම් ප්‍රගතිශිලින් පවා වෙබ් ගැන අසා ඇත්තේ මුද්‍රිත මාධ්‍යකරුවන්ගෙන්ය.
හේතුව ඇයිදැයි අප තවම නොදනිමු.
කෙසේ වෙතත්  මිතුරු සමාජ වෙනුවෙන් පවත්වාගෙන යන වෙබ් අඩවි සහ ව්‍යපෘති වාර්ථාවන් සදහා ඉල්ලකයන් සපුරාලනු පිණිස පවත්වාගෙන යන වෙබ් අඩවි සදහා ලියාපංදිචිය කිසිසේත්ම බාධා පමුණුවන්නේ නැති බැව් අප දනිමු.එහෙත් වෙබ් අඩවි ලියාපදිංචිය ගැන වැඩියෙන්ම කලබලයට පත්ව ඇත්තේ එවැනි පිරිස්ය.
මේ කලබලය අතැම් විට 2016 වසරේ freedom of expressions ගැන තමන්ගේ හාම්පුතුන් වෙත යවන්නට ඇති ප්‍රගති වාර්ථාවන්හිදි තමන් freedom of expressions වෙනුවෙන් කොන්දේසි විරහිත අරගලයක් අන්තර් ජාලය ඔස්සේ දියත් කළා පමණක් නොව ජනමාධ්‍ය අමාත්‍යංශය සහ වෘත්තිය වෙබ් මාධ්‍යවේදින් හටද විවෘතව අභියෝග කළා යැයි සටහන් කරගනු පිණිස විය යුතුමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article