Friday, January 10, 2025

මැතිවරණ කොමිසමේ සාමාජිකයෝද ජනපති සිරිසේනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට !

Must read

මැතිවරණ කොමිසමේ සියලුම සාමාජිකයන්ගේ අදහස අනුව ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවීම නීති විරෝධී බව සහ ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හෝලේ මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

නීතිපතිවරයා, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, එම්.ඒ.පී.සී. පෙරේරා, සහ ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න යන අයව මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ඒ අනුව අදාළ පෙත්සම් 11 ක් අද අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත් සලකා බැලීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු පාර්ශව විසින් ද පෙත්සම් ඉදිරිපත් කළේය.
lankadaily.com

hool

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article