Sunday, November 24, 2024

මැතිවරණ කොමසාරිස් රාජ්‍ය අායතන ප්‍රධානීන්ගේ වාහන ලැයිස්තුවක් ඉල්ලයි

Must read

දීප ව්‍යාප්ත ඡන්ද විමසීමකදී රාජකාරියේ යෙදවීමේ අරමුණෙන් අමාත්‍යංශ දෙපාර්තමේන්තු,සංස්ථා,ව්‍යවස්ථාපිත ආයතන සතුව ඇති සියළුම වාහන පිළිබදව වාර්තාවක් දෙසතියක් තුල ලබාදෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරු,පළාත්පාලන ලේකම්වරු,පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරු,දෙපාර්තමේන්තු ප්‍රධානීන්,රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දැනුම් දී තිබේ.

වාහන පිළිබදව මෙම තොරතුරු ලබාදීමේදී මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ ලබාගත් වාහන පිලිබදව තොරතුරු ලබාදිය යුතුය.

වාහන හිමිකම් නොමැති මාණ්ඩලික නිලධාරීන් ප්‍රවාහනයට යොදාගෙන ඇති සියළු වාහන වල තොරතුරුද,ශාඛාවන් වෙත ලබා දි ඇති තොරතුරුද මෙහිදී මැතිවරණ කොමිසම වෙත දැන්විය යුතුය .

නිලවාහන ලබාදී ඇති නිලධාරීන්ට පමණක් එම වාහන මැතිවරණ රාජකාරී සදහා යොදවා ගැනීමට දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා විසින් අවසර ලබාදෙන අතර අනෙකුත් කිසිදු නිලධාරියෙකුට ඡන්ද විමසීමකදී රාජකාරී සදහා යෑමට තම කාර්යාලයේ සංචිත වාහනයක් යොදාගැනීමට අවසර හිමි නොවේ.

ඇතැම් ආයතන විසින් තම ආයතනය සතු සියළුම වාහන වල තොරතුරු ඉදිරිපත් කර නොමැති බවට නිර්ණාමිකව හා නාමිකව තමන්ට තොරතුරු ලැබෙමින් පවතින බවත් ඉදිරි මැතිවරණයකදී ඒ පිලිබදව සොයා බලා සුදුසු ක්‍රියිමාර්ග ගන්නා බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කර සිටියි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article