Wednesday, September 9, 2026
spot_img

මාස තුනකට පසු වැල්ලවායට වැසි ඇද හැලෙයි..

Must read

මොණරාගල දිස්ත්‍රික්කයට සහ වැල්ලවාය ප්‍රදේශයට බලපා තිබූ දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ, මාස තුනකට අධික කාලයකට පසු වැල්ලවාය නගරයට වැස්ස ලැබීම නගරවාසීන්ට දැඩි සහනයක් ගෙන දෙන්නක් වනු ඇත.

පසුගිය කාලය පුරා පැවති දැඩි නියඟය හේතුවෙන් වැල්ලවාය ප්‍රදේශයේ ජනජිවිතයට මෙන්ම පරිසරයටද (සපුගොඩ කඳු රක්ෂිතයේ හටගත් ගිනි ගැනීම් වැනි හදිසි තත්ත්වයන් ද ඇතුළුව) දැඩි බලපෑම් එල්ල වී තිබුණි.

​දිගු කාලයකට පසු ලැබුණු මෙම වැසි ජල තත්ත්වය නගර සීමාවට පමණක් සීමා වීම විශේෂත්වයකි.

​මේ අතර මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වල ඇල පාරවල් සහ වෙනත් දියකඩිති වල ජලය සිදීයාම නිසා එවායේ සිටින මසුන් ජලය ඇති ස්ථානවලට දැමිම සදහා තරුණ කොටස් පියවර ගෙන තිබුන අයුරු ගැනද මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි

මුලාශ්‍රය සහ ඡායා මොණරාගල TV

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article