කුඩා දරුවෙකුට හිංසා කරන කාන්තාවකගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශයවූ අතර මෙම සිදුවීම සිදුවී ඇත්තේ යාපනයේ ප්‍රෙද්ශයේයි. සිදුවිම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂනයක් සිදුකිරීමට යාපනයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කන්ඩායමක් එම කාන්තාව ජීවත්වන ස්ථානයට ගොස් තිබේ. එහිදී ස්ථානාධිපතිවරයා විසින් දරුවාගේ මවගෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝව ප්‍රශ්න කරන අතර ඇය මෙම දරුවාට පහරදී එය වීඩියෝගත කර ඇත්තේ දරුවා මාර්ගයෙන් සිය පුද්ගලික ප්‍රශ්නයක් විසදා ගැනීමට බවට ද සැකයක් මතු වේ. පොලීසිය විසින් අදාළ කාන්තාව අත්අඩංගුවට ගන්නා අතර කුඩා දරුවාවද පොලිස් භාරයට ගෙන ඇත. එම දරුවා බේරාගෙන ආරක්ෂිත ස්ථානයක තබා ඇති බවද වාර්තා වේ.