ජනාධිපති මෛතිපාල සිරිසේන විසින් මත්ද්‍රව්‍ය වැරදිවලට මරණ දඩුවම නියමවි සිරගතව සිටියදි තව දුරටත් එවැනි ජාවාරම් වල යෙදෙන සිරකරුවන්ට මරණ දඩුවම දිමට තමන් අත්සන යොදන බවට කරන ලද ප්‍රකාශයත් සමගින් මරණ දඩුවම පිළිබදව පුළුල් සංවාදයක් රටතුල මතුව ඇත.
මරණ දඩුවම ශිෂ්ධසම්පන්න ලෝකය විසින් හෙළාදකින තත්වයකි.ප්‍රජාතන්ත්‍රික රටවල් බොහොමයක එය ක්‍රියාත්මක නොවේ.2015 ට ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක නොවන රටක් ලෙසින් ලෝකයේ ප්‍රකටව පැවති ශ්‍රිලංකාව තුල සිදුව වෙනස්කම් මත ප්‍රජාතන්ත්‍රිය වෙනස්කම් රැසක් ඇතිකරන ලදි.
මේ නිසාම ලෝක සාමදර්ශකයේ ඉහල තත්වයක් අත්පත්කරගැනිමට ශ්‍රිලංකාව සමත්විය.දකුණු ආසියාව තුල එය දෙවැනි වන්නේ භුතානයට පමණි.
තතු මෙසේව තිබියදි දැන් යළිත් මරණ දඩුවම පිළිබද සංවාදයක් රටතුල මතුව තිබේ.
මේ පිළිබදව වඩාත් ප්‍රගතිශිලි අදහස් දක්වා සිටි ඇමති මංගල සමරවිර කියා සිටියේ තමන් එයට විරුද්ධ බවය.

මරණ දඬුවමට මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි. මරණ දඬුවම දීලා රටේ කුඩු නැති කරන්න බැහැ.ඒක නිශ්ඵල දෙයකැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යාංශයේ පසුගිය  (13) දා  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් කිසිම රටක අපරාධ අඩුවී නැතැයිද මංගල සමරවීර මහතා එහිදි කියා සිටියේය.

‘‘මරණ දඬුවම ක්‍රියාත්මක කරා කියලා රටේ කුඩු නැති කරන්න බැහැ.ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා.ඒත් ඒ ප්‍රාන්තවල අපරාධ එන්න එන්නම වැඩිවෙනවා.කුඩු හෑල්ලුවට ගන්න බැහැ. මම කුඩු වලට තදින්ම විරුද්ධයි. බව ඔහු තවදුරටත් අවධාරණය කරසිටියේය .
මේ අතර කතෝලික සභාවේ ශ්‍රිලංකාවේ ප්‍රධානියෙකු වන කාර්දිනල් මැල්කම් රංජිත් හිමි විසින් මරණ දඩුවමට පක්ෂව ප්‍රකාශයක් නිකුත් කිරිමත් සමගින් සමාජ මාධ්‍ය වල ප්‍රබල විවෙචනයක් එතුමන්ට එරෙහිව දැන් මතුවෙමින් තිබේ.පාප්තුමන් විසින් මරණ දඩුවමට එරෙහිව පැහැදිලි ස්ථාවරයක් ගෙන තිබියදි කාර්දිනල් හිමි  විසින් සිදුකරන ලද ප්‍රකාශය මෙසේ දැවැන්ත අභියෝගයකට දැන් ලක්වෙමින් තිබේ.