ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් මන්නාරම පොලිසිය විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර ළමා දින උත්සවය ඊයේ (1) ඉරිදා පෙරවරු 11 ට මන්නාරම කරීටාස් මණ්ඩපයේදී පැවැත්විණි.
කරීටාස් හයිව්දය අධ්යක්ෂ ගරු එස්. අන්රන් අදිකලර්, මන්නාරම මෙසිඩෝ සමාගමේ සභාපති මන්නාරම දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, මන්නාරම ප්‍රාදේශීය ලේකම්, සහකාර දිස්ත්‍රික් ලේකම් ඇතුළු ආරාධිත දෙපාර්තමේන්තු ප්‍රධානීන් ද ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට සහභාගි වූහ.
– මන්නාරමේ තෝරාගත් ළමා නිවාසයක ළමුන් සහභාගී කරගනිමින් විවිධ දැනුවත් කිරීම් සිදු කරන ලදී.
ඒස්.ආර්.ලැම්බර්ට්