Saturday, November 23, 2024

මඩකලපුවේ එජාප සංවිධායක ඉල්ලා අස්වේ

Must read

(12.47pm) එක්සත් ජාතික පක්ෂයේ (UNP)  මඩකලපුව දිස්ත්‍රික් සංවිධායක වී. මගේශ්වරන්  මහතා අද සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කර තිබේ.ඔහු මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ අද (16 )  මඩකලපුවේ පිහිටි ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදීයි.
එක්සත් ජාතික පක්ෂයේ නායක එිටපු  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  වී. මගේශ්වරන්  මහතාව  මඩකලපුවේ එජාක ලෙස පත්පකරන ලද්දේ  2016 වර්ෂයේදීය.
එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන ගැටුම් හේතුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී කිසිදු පක්ෂයකට සහාය නොදක්වන බවත්   මගේෂ්වරන්  මහතා තීරණය කර තිබේ.
දේශපාලනයෙන් වැළකී තම අභිමතය පරිදි ඡන්දය නාස්ති නොකර ආසනය ලබා ගත හැකි පුද්ගලයාට ඡන්දය දෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා තිබේ.


ලක්ෂ්මන් දේව්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article