මගී ජනතාවගේ මුදල් ගසා කමින් පවත්වාගෙන ගෙන යන සෙමි ලක්ෂරි (අර්ධ සුඛෝපභෝගී) බස් සේවාව කඩිනමින් අහෝසි කරන බව මගී ප්‍රවාහන කළමනකරණ සේවා ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
වසර ගණනාවක් තිස්සේ මගී ජනතාවගේ මුදල් ගසා කමින් ජනතාවට කිසිදු පහසුකමක් ලබා නොදෙමින් පවත්වාගෙන ගිය සෙමි ලක්ෂරි බස්රථ සේවාව පිළිබඳ ජාතික ගමනා ගමන කොමිසන් සභාව සමඟින් කළ සාකච්ජාවක දී හෙළිවුයේ මෙම බස්රථවල ජනෙල් වලට රෙදි දමා තිබීම පමණක් කර ඇති බවයි.
අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවද මගීන්දස දහසකින් කළ සමීක්ෂණයක දී හෙළි වී ඇත්තේ සියයට සියයක්ම අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාවට අකමැති බවයි. සෙමි ලක්ෂරි යනුවෙන් ජනෙල්වලට තිරරෙදි දමා ජනතාවගේ මුදල් ගසා කන යුගය අවසන් කර ජනතාවට හොඳ ප්‍රවාහන සේවාවක් ලබාදීමට පියවර ගත යුතුයි.
dinamina.lk