පොදුජන පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසු එම පක්ෂය හා ශ්රීලංකා නිදහස් පක්ෂයට තවදුරටත් සාකච්ඡා කිරීමට දෙයක් නැතැයි ශ්රිලනිප මහලේඛම් දයාසිරි ජයසේකර මහතාසද හන් කරයි.
පක්ෂයක් වශයෙන් තමන්ගේ සමුළුවක් පැවැත්වීමට පොදුජන පෙරමුණට හැකියාව පැවතියක් පක්ෂයක් වශයෙන් ශ්රිලනිපයට ආරාධනා නොකොට මන්ත්රීවරුන්ට තනි තනි වශයෙන් ආරාධනා කිරීමත් ඒ හරහා ජනාධිපතිතුමන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කල බොහෝ දෙනෙක් පක්ෂය පවා දී ඇති බව දැනගන්නට ලැබුණ බවත් දයාසිරි ජයසේකර මහතාපවසයි.
ඩිලාන් පෙරේරා හා එස්.බී. දිසානායක වැනි මන්ත්රීවරුන් ශ්රිලනිපයේ සාමාජිකත්වය දැරුවද ඔවුන් දිගටම කටයුතු කලේ පොදුජන පෙරමුණ සමග බවත් පක්ෂ සංවිධායකවරන් 160ක් හා ප්රාදේශීය සභා මන්ත්රීවරුන් 1100ක් ඇති මෙන්ම විශාල පාක්ෂිකයන් පිරිසක්ද සහිත ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී ඒ සියළු දෙනා සමග එක්වී පක්ෂය ප්රතිසංවිධානය කර ඉදිරියට යන බවත් ලේඛම්වරයා වැඩිදුරටත් සදහන් කලේය.
කෙසේ වෙතත් දේශපාලන විග්රහකයන් පවසන්නේ පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වන අපේක්ෂකයෙකුට ශ්රීලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව ජයග්රහණය කිරීම අපහසු බවයි.