නව අගමැති පත්කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන උද්ඝෝෂණය වළක්වාලන්නැයි ඉල්ලා කොල්ලුපිටිය පොලීසිය සහ කොටුව පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (30) ප්‍රතික්ෂේප කළ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කර සිටි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106-03 වගන්ති ප්‍රකාරව කටයුතු කරමින් පොලිස් බලතල අනුව කටයුතු ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දෙන ලෙස පොලිසි විසින් අධිකරණයෙන් කළ ඉල්ලීම මෙලෙස ප්‍රතික්ෂේප කෙරුණ බව තවදුරටත් එහි සදහන්ය.මේ අතර අගමැතිවරයා පත් කිරීමට එරෙහිව විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර ඇති උද්ඝෝෂණයට රාජ්‍ය ආයතනවලට ඇතුළු වීම හා පොදු දේපළවලට හානි කිරීම වළක්වමින් හා මහජනයාට පීඩාවක් නොවන අයුරින් උද්ඝෝෂණය පැවැත්වීමට. කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පියන්ත ලියනගේ මහතා අද(30) නියෝගයක්ද නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබේ.