පැවැති රාජපක්ෂ භිෂණයට නොබියව පාරට පැමිණ දැවැන්ත ජනඅරගලයක් තුලින් මේ රටතුල යහපාලනය ස්ථාපිත කිරිම සදහා සිය දායකත්වය සපයාදුන් සිවිල් සමාජ ක්‍රියාකාරින් ජනපති සිරිසේනට සිය විරෝධය පළකරමින් පාර්ලිමේන්තුව යළි කැදවන ලෙස ඉල්ලා පලමු වරට අද පාරට පැමිණ තිබේ.
පොලිස් ඔත්තුකරුවෙකු යැයි කියන නාමල් කුමාරගේ දුරකථන සංවාදයක් අරභයා 62 ක් ලක්ෂයක් ජනයා පාවාදුන් ජනපති සිරිසේනට එරෙහිව අදින් ඇරඹුන මේ විරෝධය සකාලාකාරයෙන් ඉදිරියටම ගෙන යන බව මේයට එක්ව සිටි සිවිල් ක්‍රියාකාරිහු සපථ කොට කියා සිටියහ.
දුෂණ විරෝධි බලකාය යැයි කියාගත් සංවිධානයක මාධ්‍ය අධ්‍යක්ෂකවරයා යැයි ඔහු විසින් කියන නාමල් කුමාරගේ ප්‍රකාශයක් පදනම් තවමත් පරික්ෂණ සිදුකරමින් තිබෙන ඝාතන කුමන්ත්‍රණයක් පාදක කරගෙන 62 ලක්ෂයක ජනයාව යළිත් වරක් භිෂණකාරි යුගයකට තල්ලුකරදමන්නට මෙම කුමන්ත්‍රණය දැන් හේතුවි තිබේ.