Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

පොලිස්පති ප්‍රධාන අපරාධ සිද්ධීන් 6ක විමර්ෂණ වාර්ථා CIDයෙන් කැදවයි

Must read

සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාම, සහන සේවයේ යෙදුණු පුද්ගලයින් 17 දෙනෙකු ඝාතන කිරීම, තරුණයින් 11 දෙනෙකු පැහැගෙන ගොස් අතුරුදන් කිරීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු සිදුවීම් 6ක් සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන වල විමර්ශන වාර්ථාගොනු මෙම මස 23 වැනි දිනට පෙර තමන් වෙත ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

ඉහත සදන් කල නඩු සදහා වන විමර්ශන ප්‍රමාදයකින් තොරව අවසන් කොට තමන් වෙත යොමු කරන ලෙසට නීතිපතිවරයා ඉකුත් (15) වැනිදා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබිණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article