Thursday, January 23, 2025

පල්ලෙවෙල පොලිසියේ OIC ව පාලනය කරන්නේ පොලි මුදලාලි කෙනෙක්ද ?

Must read

මේ දවස්වල පොලිසිය එකසිය ගානට පචවෙනවා. එහෙම පච වෙන පොලිසි වැඩිහරියක් තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වගේ තමයි පෙන්නේ.
මොකද නිතියට වැඩකරන පොලිසියේ මහත්තුරුවන්ව පේන්න බැරි බඩ තඩි මොළ නැති දේශපාලන ලොක්කොත් ඇතිතරම් ගම්පහ ඉන්නවනේ
දැක්කනේ මිනුවන්ගොඩ වෙච්ච දේ.
දැන් මේ කතාව දේශපාලකයන් ගැන නෙමේ . පොලි මුදලාලි කෙනෙක් ගැන.
පල්ලෙවෙල පැත්තේ වෙබ් මාධ්‍යයට සම්බන්ධ මාධ්‍යවේදියෙකුට ගහල පිහියෙන් ඇනපු සිදුවිමක් ගැන පල්ලේවෙල පොලිසියට පැමිණිලි කරල තිබුනේ ජනවාරි 26 වෙනිදා. අදාල මාධ්‍යවේදියා දින කිපයක් රෝහල්ගත වෙලත් හිටියා.
කොහොම හරි මේ පහරදිමේ සිද්ධිය ගැන දාල තියෙන චුදිතයන්ව අත්අඩංගුවට ගන්න සති ගණන් ගිහිල්ලත් පල්ලෙවල පොලිසියට බැරිවෙනවා.
ඒ් ගැන මාධ්‍ය සංගම් විමසපුහම අද ගන්නවා හෙට ගන්නවා කිව්වත් , විසිල් විතරයි , බල්ටි නැ.
මේ ඒක් චුදිතයෙක් තවත් චෝදනා ගොඩක් තියෙන හමුදාවේ කෙනෙක්. මිනිහ ගැන කිසි විස්තරයක් නැ කියල පොලිසියේ ලොකු මහත්තුරු මාධ්‍යයට කියනව නම් ඇත්තටම ලැජ්ජයි නේද ?
මොකද හමුදාවේ කෙනෙක් ලංකාවේ කොහේ හරි හමුදා කදවුරකට අනුයුක්තවනේ ඇත්තේ . මොකද මිනිහ මාලදිවයිනේ හමුදාවේ කෙනෙක් නෙමෙයිනේ .
අදත් මාධ්‍ය සංවිධානයකින් පල්ලෙවල පොලිසියේ ලොකු මහත්තයාගෙන් අහල තිබුනේ කෝ ඔයා අත්අඩංගුවට ගන්නව කිව්වට තාම නැනේ කියලයි.
ලොකු මහත්තයා කළබල වුන තරම කියනව නම් ෆෝන් ඒකත් කට් කෙරුවා.
මේ කට්ටි පනින සෙබලගේ මාමණ්ඩියා පල්ලෙවෙල පැත්තේ ජනප්‍රිය චරිතයක්ලු ඩේලි පොලිවලට .
ඉතින් අපට අහන්න තියෙන්නේ පල්ලෙවෙල පොලිසියෙන් සරල ප්‍රශ්ණයක්.
ඔතන පාලන වෙන්නේ ශ්‍රි ලංකා පොලිසියෙන්ද ? නැතිනම් ඩේලි පොලි මුදලාලිගෙන්ද කියලයි .?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article