Friday, September 20, 2024

නාම යෝජනාවලදී කාන්තා නියෝජනයට පුළුල් අවස්ථාවක් ලබා නොදීම කණගාටුවට කරුණක්-කැෆේ

Must read

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩ නඟන බොහෝ පාර්ශව දේශපාලනයේ කාන්තා නියෝජනය පිළිබඳ මුනිවත රැකීම කණගාටුවට කරුණක් බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය සඳහන් කළේ මෙවර ඡන්ද හිමියන්ගේ දිනය සමරන මේ මොහොත මෙරට දේශපාලනය තුළ කාන්තාවට ඇති අවකාශය පිලිබඳ කථා කිරීම වඩා සුදුසු බවයි.

මෙරට ඡන්ද හිමියන්ගෙන් වැඩිම ප්‍රතිශතය කාන්තාවන් වන නමුත් කාන්තා නියෝජනයට ලැබී ඇත්තේ අවම ඉඩ පරාසයක් බවත් ඇය සඳහන් කරයි.

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය සඳහා වන සම්මතයන් ගොඩනගා තිබූ බවත් සියලු දේශපාලන පක්ෂ ඊට අනුගතව කටයුතු කළ බවත් පෙන්වා දෙන සුරංගි ආරියවංශ මහත්මිය කියා සිටියේ මහ මැතිවරණ නාම යෝජනා ලබාදීමේදී කිසිදු දේශපාලන පක්ෂයක් කාන්තා නියෝජනය සඳහා පුළුල් අවස්ථාවක් ලබා නොදීම කණගාටුවට කරුණක් බවයි.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් තේරී පත්වන ආණ්ඩුව කාන්තා නියෝජනය අවම මට්ටමක පවතින ආණ්ඩුවක් වන  ඇති බව ඇය කියා සිටියාය.

මෙරට ආර්ථික සඳහා වැඩිම දායකත්වය සපයන්නේ කාන්තාවන් විසින් බව ඇය සඳහන් කරයි.

විශේෂයෙන් මැද පෙරදිග රටවල සේවයේ නිරත වැඩි පිරිස කාන්තාවන් වන අතර මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ ද වැඩිම ශ්‍රම දායක්වය කාන්තාවන්ගෙනි.

එමෙන්ම තේ, රබර් වැනි බෝග වගා සඳහාද වැඩිම ශ්‍රම දායකත්වය කාන්තාවන් විසින් සපයන බව පෙන්වා දෙන ආරියවංශ මහත්මිය කියා සිටියේ  පාලන බලය සඳහා පමණක් කාන්තාව දායක කර නොගැනීම කණගාටුදායක තත්වයක් බවයි.

මේ නිසා පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය තහවුරු කිරීමේ අවශ්‍යතාව සියලු දේශපාලන පක්ෂ විසින් වටහා ගත යුතුව ඇති බව ද ඇය සඳහන් කරයි.

(adaderana)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article