Friday, September 20, 2024

දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගේ වැඩිවීමක්

Must read

දකුණු කොරියාවේ කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන්මගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් සිදුව ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පවසයි. ඒ අතරින් වැඩි වශයෙන් මෙරටට පැමිණෙන්නේ දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් වීමද විශේෂත්වයකි.

අද (01) අලුයම දකුණු කොරියාවේ සිට පැමිණි ගුවන් යානයෙන් මෙරටට පැමිණි මගීන්ගෙන් ශරීර උෂ්ණත්වය 100F° වැඩියෙන් පැවති , උණ රෝගයෙන් පෙළුණු ගුවන් මගීන් දෙදෙනෙකු , කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය මගින් හඳුනා ගෙන , ඔවුන් විශේෂ ගිලන් රථ මගින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට දකුණූ කොරියාවේ සිට පැමිණෙන ගුවන් යානා වලින් පැමිණෙන සියලුම මගීන් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය උපකරණ මගින් නිරන්තර පරීක්ෂාවට ලක් වේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article