Thursday, September 17, 2026
spot_img

ත්‍රිරෝද රථ හුවමාරුවකට කැමතිද ?

Must read

three-wheelදැනට භාවිත වන ත්‍රිරෝද රථ ගණන  ලක්ෂ 15 කද ඉක්මවන බව වාර්ථා වේ.හෙට දිනයට ගැලපෙන අයවැයක් ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා ත්‍රිරෝද රථ කර්මාන්තය පුළුල් වෙනසකට බදුන් කිරිම සදහා ඉතාවැදගත් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.
එනම් ත්‍රිරෝද රථ කර්මාන්තයට විදුලි ත්‍රිරෝද රථ එක් කිරිිමට ගෙන ඇති තින්දුවයි.
ඒ අනුව  විදුලි ත්‍රිරෝද රථ ත්‍රිරෝද රථ  ලබා ගැනීමේදි විශේෂ සහනයක් ලබා දීමටත් රජය බලාපොරොත්තු වේ. එහිදි වාහන හිමිකරු සියයට 10 ක් දායකත්වය දක්වන විට සියයට 90 ක් බැංකුවේ දායකත්වය ලබා දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරිමටද රජය අපේක්ෂා කරන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවැසි ය. එසේම සංචාරක කලාප වල ත්‍රිරෝද රථ හිමිකරුවන් මඟින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටද බලාපොරොත්තු වේ .

ලංකාව පුරා භාවිත වන ත්‍රිරෝද රථ  බංගලාදේශය වැනි රටවලට ලබාදිමටත් ඒ වෙනුවට ත්‍රිරෝද රථ  හිමිකරුවන්ට නව විදුලි ත්‍රිරෝද රථ  ලබා ගැනීමට විශේෂ සහනයක් ලබා දීමටත් රජය බලාපොරොත්තු වන බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පවසයි. ඇමැතිවරයා මේ බව පැවැසූයේ අයවැය පිළිබඳ ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැති  විශේෂ මාධ්‍ය සාකච්ඡාකට එක්වෙමිනි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article