Friday, September 18, 2026
spot_img
spot_img
spot_img
spot_img

තහනම් කල පොලිතීන් වැටලීමේ ඇරඹේ.

Must read

පොලිතින් වැටලීම

පසුගිය වසරේ සැප්තැම්බර් 01 වනදා රජය විසින් නිකුත් කල අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව මෙරට තුල සියළුම පොලිඑතලින්,පොලිප්‍රොපලින් හා ඒවා ආශ්‍රිත නිෂ්පාදන ආනයනය,නිෂ්පාදනය හා විකිණීම තහනම් කෙරිණි. ඒ සදහා ලබාදුන් සහන කාලයද මේ වසරේ ජනවාරි මස 01වනදා අවසන් විය. ඒ නිසාවෙන් මේ වන විට එම තහනම කඩකරන පිරිස් සොයා වැටලීම් ආරම්භ කර ඇත.

නිතීය නොතකා සිදුකෙරෙන තහනම් පොලිතීන් නිෂ්පාදන ආනයනයන්, නිෂ්පාදනය  ගබඩා කිරීම් හා භාවිතය සම්බන්ධයෙන් අදාළ විමර්ශන හා  වැටලීම් මේ වන විට සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් කටයුතු යොදා ඇති අතර, එහි ප්‍රථම විමර්ශන හා වැටලීම් ඊයේ (03) පිටකොටුව වේල්ල වීදීය, පිපල්ස් පාර්ක් වෙළඳ සංකිර්ණය, අවට ප්‍රදේශ මෙන්ම දෙමටගොඩ  ප්‍රදේශයේද වෙළඳසැල් හා නිෂ්පාදන ආයතන කේන්ද්‍ර කර ගනිමින් සිදු කරන ලදි.

අදාල මිනුම් උපකරණ යොදාගනිමින් සිදුකල පරීක්ෂණ වලදී බෙහෝ වෙලදසැල් හිමියන් විසින් දිරාපත්වන පොලිතින් භාවිතාකිරීම දක්නට ලැබී ඇති අතර එසේ නොවන වෙලදසැල් වටලමින් ඒවා අත්අඩංගුවට ගැනීමටත් එම වෙලදසැල් හිමියන් වෙත නීතිමය පියවර ගැනීමටත් ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article