Sunday, January 12, 2025

තමන්ගේම අය අහන ප්‍රශ්ණ වලට පිලිතුරු දෙන පොහොට්ටුවේ තරුණ සමුළුව.

Must read

තරුණ සමුළුව ආවරණයට පැමිණි මාධ්‍යවේදීන් පලවා හැරි පොහොට්ටු සගයන්

පසුගිය අගෝස්තු 24 වනදා පොදුජන එක්සත් පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද සහභාගී වූ සිය පක්ෂයේ තරුණ සමුළුව පැවැත්විණි.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකු පක්ෂයකින් නම් කල විට ඔහු පවත්වන සමුළු ප්‍රසිද්ධියේ පවත්වමින් ජනතාවට හෝ මාධ්‍යවේදීන්ට ප්‍රසිද්ධියේ ප්‍රශ්ණ ඇසීමට සැලැස්වීම හා ඔහුගේ පිළිතුරු ඒ සදහා ලබාදීම දියුණු රටවල ක්‍රමය බව ඔබ අපි කවුරුත් දනිමු.

නමුත් පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කල සිය ජනාධිපති අපේක්ෂකයා සිය සමුළු පවත්වන්නේ මාද්‍යවේදීන්ට පවා හොරෙනි. මාධ්‍යවේදීන්ට අවශ්‍යනම් යූටියුබ් බලන්න යැයි ඔවුන් යෝජනා කරති. තවද තමන්ගේම පිරිසෙන් තිදෙනෙකු වේදීකාවේ සිටුවා ඔවුන්ගේ ප්‍රශ්ණ වලට පිලිතුරු දෙන මේ අපූරු ජනාධිපති අපේක්ෂකයා තමන්ගේම පිරිසෙන් ලැබෙන අත්පොලසන් නාදයෙන් අමන්දාන්නදට පත්වන්නට ඇත.

එමෙන්ම ප්‍රශ්ණ ඇසීම සදහා වේදීකාවේ හිටගෙන සිටින තිදෙනාගෙන් දෙදෙනෙකුගේද අතීතය කථා ගොඩක එකතුවෙකි. දිලුම් අමුණුගම පසුගියදා තම නායකයාට හොරාට ලැබුණු අගමැති කමෙන් පොරවී පාර්ලිමෙන්තුවේ මයික්‍රෆෝනට වගකිවූ පුද්ගලයාය. අනිත් තරුණිය මනි ලොන්ඩරින් සිදුවීමට ඇප පිට සිටින ශ්‍රී ලංකන් ආයතනයෙන් හා ජනාධිපති කාර්යාලයෙන් පඩි ගෙන නාමල්ගේ ඇජෙන්ඩාවට කටයුතු කරන්නියකි. ඔවුන් ප්‍රශ්ණ අසන්නේ හිටපු ආරක්ෂක ලේඛම් හා පොහොට්ටු ජනාධිපති අපේක්ෂක ගෝඨාගෙනි. ගෝඨාට ඇති චෝදනා ලිවීම සදහා වෙනම ලිපියක් ලිවීම ගැලපෙන හේතුවෙන් මෙම ලිපිය ඒ සදහා වෙන් කල යුතු නැත.

කෙසේ හෝ ජනාධිපති අපේක්ෂක පට්ටමෙන් පමණක් මෙපමණ උද්ධාමයට පත්ව තම පොර මාසිතක්වයෙන් තම හිතමිත්‍ර ඇතැම් මාධ්‍ය පාවා තහනම් කරන්නේ නම් ,බෙරිවෙලා හෝ ඔහු ජනාධිපති වුවහොත් මාධ්‍යවේදීන්ගේ ඉරණම ගැන අමුතුවෙන් සදහන් කල යුතු නොවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article