Friday, September 20, 2024

ජන හා සංඛ්‍යාලේඛන වෙබ් අඩවියට සයිබර් ප්‍රහාර අවදානමක්

Must read

ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය නුදුරේදීම සයිබර් ප්‍රහාරයකට ලක්වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පැවසීය.

එබැවින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය ඉක්මනින් යොමුවිය යුතු බවත්, එම වෙබ් අඩවියේ පවතින තාක්ෂණික දෝෂ යථා තත්ත්වයට පත්කළ යුතු බවත් එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙම වෙබ් අඩවිය අවසන් වතාවට 2020 අගෝස්තු 04 වැනිදා යාවත්කාලීන කර ඇති බව දන්වා ඇතත්, වෙබ් අඩවිය සකස් කිරීමේදී සිදුකරන ප්‍රාථමික ක්‍රියාකාරකම් මෙම වෙබ් අඩවිය තුළ සිදු කිරීමට අපොහොසත් වී ඇති බව එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ පැවසීය.

http://www.statistics.gov.lk/ යන වෙබ් ලිපිනය යටතේ පැවතිය යුතු ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වෙබ් අඩවිය http//203.94.94.89/ mainsite යන වෙබ් ලිපිනය ඔස්සේ දිගහැරෙන බවද හෙතෙම පැවසීය.

(aruna.lk)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article