Friday, January 10, 2025

ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය රටේ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් !

Must read

ප්‍රජාතන්ත්‍රවාදයත් රටේ මූලික නීතියත් දැඩිව අභියෝගයකට ලක්ව ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතීඥයෝ සංවිධානය පවසයි.

එම සංවිධානය අද(11) පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී මාධ්‍ය හමුවක් සංවිධානය කරමින් මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය 26 වැනිදා සිදුකළ අත්තනෝමතික අගමැති මාරුව සහ ඉන් පසුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මූලික නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව නීතීඥ ප්‍රජාව හා විද්වතුන්ගේ මතය වී ඇතැයි එම සංවිධානය පවසයි. එසේම ජනාධිපතිවරයා ගනු ලැබූ එම ක්‍රියාමාර්ග අනුමත කිරීම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවැදගත් ලියවිල්ලක් බවට පත් කිරීමක් බව ද පටු පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා මෙම ක්‍රියාමාර්ග අනුගමනය කර ඇතැයි ද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නීතීඥ සුනිල් වටගල මහතා පැවසීය.

එසේම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා සඳහන් කර සිටියේ නීතීඥ සංගමයේ සභාපති නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතා ඔහුගේ තනතුර අවභාවිත කරමින් සිටින බවයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ නීතීඥවරුන්ගේ මතය අධිකරණයේ මතය නොවිය යුතු බවත් බොහෝ නීතීඥවරුන් කටයුතු කරන්නේ තමන්ගේ දේශපාලන අභිමතාර්ත ඔලුවේ තබාගෙන බවත්ය. එසේම නීතීඥ සංගමයේ සභාපතිවරයා මේ අවස්ථාවේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සාධාරණීකරණය කරමින් පවතින ඒ මහතා කියා සිටියේය. සිදුව ඇති දේශපාලන ක්‍රියාදාමය සම්බන්ධ නිවරදි අර්ථ නිරූපණය කිරීමේ හැකියාව ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් යැයිද නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසීය.

මාධ්‍ය හමුව සඳහා උපුල් කුමාරප්පෙරුම මහතා, ශාන්ත ජයවර්ධන මහතා, හර්ෂණ නානායක්කාර මහතා, ජානක අධිකාරී මහතා, තුෂාර රණතුංග මහතා, ශානිකා සිල්වා මෙනවිය, චරිත් ගල්හේන මහතා, චතුර ගල්හේන මහතා, මංජුල බාලසූරිය මහතා, දනුෂ්කි අබේවික්‍රම මහත්මිය, ලක්දිනු ධීරසේකර මහතා, නිමලා සිරිවර්ධන මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නීතීඥවරු පිරිසක් ද සහභාගී විය.

  Lankatruth.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article