Saturday, September 21, 2024

ඝාතනයට ලක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි රවිරාජ්ගේ බිරිඳත් මෙවර මහමැතිවරණයට …..

Must read

පසුගිය රාජපක්ෂ පාලනය විසින් ඝාතනය කරනු ලැබු පාර්ලිමේන්තු මන්ත්‍රි රවිරාජ්ගේ බිරිඳ ශසිකලා රවිරාජ් වාවාකච්චෙරියෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටි.
උතුරේ වැන්දඹුවන් බවට පත්ව සිටින 87000 ක් දෙනා වෙනුවෙන් ඇය මෙවර මැතිවරණ සටනට පිවිසෙන බවත් රවිරාජ්ගේ දේශපාලන ගමන් මග ඉදිරියටම ගෙන යන බවත් ප්‍රකාශ කළාය.
ඇය මේ බව සදහන් කර තිබුනේ ඊයේ ( 15 ) යාපනයේදි පැවැති මාධ්‍ය හමුවකදිය.
ශසිකලා රවිරාජ් මහත්මිය දෙමළ ජාතික සන්ධානයෙන් මැතිවරණ සටනට පිවිස තිබිමද විශේෂත්වයකි.
වැන්දඹුවන්ගේ ප්‍රශ්ණ විසදාලිම සදහා ඇය රාජ්‍යයේ ආධාර මත පමණක් නොව, ජාත්‍යන්තර ආධාර ලබාගැනිමටද කටයුතු කරමින් ඒ අයගේ ජිවන තත්වය නගා සිටුවිමට පියවර ගන්නා බවද අවධාරණය කර තිබුණි. .

පවුලේ ප්‍රධානියෙකු අහිමි වීමේ වේදනාව මම සහ මගේ දරුවන් දෙදෙනා දනිමි යැයිද ඇය පවසා තිබුනාය.

විශේෂයෙන් තරුණ සමාජය යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම යුද කම්පනයෙන් පෙළෙන ගොවීන්ගේ හා ධීවරයින්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට හැකි සැම උත්සාහයක්ම යුතු බවද ඇගේ තවත් අවධාරණයක් විය. .
තම මූලික කාර්යය ලෙස වැන්දඹුවන් පිළිබඳ විධිමත් දත්ත එක්රැස්කිරිමේ වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට පියවර ගන්නා අතර ඒ සදහා  සියලු දෙනාගේ සහයෝගය තමාට ලැබෙන බවද ඇය පවසුවාය.
ඡායා- හම්සන් – යාපනයහ
මුලාශ්‍රය -යාල්තිනකුරල්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article