ඝන ආහාර සහ අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්ගැය ගැසට් නිවේදනය ලබන සතියේදී ප්‍රකාශයට පත්කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
හෙතෙම සදහන් කර සිටියේ මෙම ගැසට් නිවේදනය ඉන් පෙර ගෙන ඒමට සැලසුම් කර තිබුනත් දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තන අවසන්ව නොමැති වීම හේතුවෙන් එය එළැඹෙන සතිය දක්වා කල් දැමීමට සිදු වූ බවයි.