Saturday, November 23, 2024

ගෙදර යමින් සිටි පියා, දියණිය සහ පුතු වවුනකුලම් වැවට බිලිවෙයි

Must read

මුල්තිව් දිස්ත්‍රික්කයේ වවුනිකුලම් වැවට ඊයේ (19) ඒම  මාර්ගයේ ගමන්ගත් කැබ් රථයක් කඩාවැටි තිබේ. ඒ වනවිට එම රථයේ රියදුරු සහ දරුවන් 3නෙකු ගමන් කරමින් සිටි  අතර ඔවුන් මෙම අනතුරින් ජලාශයට වැටී ඇත. එම ස්ථානයට පොලීසිය සහ ජනතාව රැස්වෙන විටත්  පිරිමි දරුවෙකු  දියට වැටුණ වාහනයෙන් බැස  ගොඩට පීනා පැමිණ එමින් සිට ඇත.  රියදුරු සහ ඔහුගේ දියණිය ඊයේ වනවිටත්  සොයා ගැනීමට නොහැකිවූ අතර අද පාන්දර 1.00ට පමණ ඔවුන් දෙදෙනාගේ සිරුරු සොයාගන්නා ලදී. ඊයේ අනතර සිදුවූ වේලාවේ  සිහිසුන්වූ තවත් පිරිමි දරුවෙකු වාහනේ සිට සොයාගත් අතර ඔහුව අසාධ්‍ය තත්ත්වයෙන්  මාන්කුලම් රෝහලට ඇතුළත් කර තිබේ.  ඔහු ද රෝහලට ඇතුලත්කිරීමෙන් පසුව මියගොස් තිබේ. මෙම අනතුරින් එකම පවුලේ පියා ( වාහනයේ රියදුරු) න ක්‍රිෂ්ණපිල්ලෙයි රාසින්ද්‍රන් (37) සහ ඔහුගේ තුන් හැවිරිදි දියණිය රසින්ද්‍රන් සර්ජන , 13 හැවිරිදි රවින්ද්‍රකුමාර් සංජීවන් මියගොස් තිබේ.


ෂන්මුගම් තවසීලන්

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article